සඳ
පියකරුය, සෞම්‍යයය. සඳ දකින කවි කිවිදියන් සදේ
රමණීයත්වය සිය කවි සිතුවිලි වලට නැගුහ. ඒ කවි සිතුවිලි සඳ වතුරක් සේ ඔවුන්ගේ කවිත්වයට හසුව ඇත. නමුත් මේ සඳහන් කිරීමට සුදානම් වන්නේ සදේ
දීප්තියෙන් නිර්මාණය වන සඳකැන් පාෂාණයන් පිළිබඳවයි.වැඩි දෙනෙකුගේ අවදානයටලක් නොවූ සඳකැන් පාෂාණයන් පිහිටි එකම
භුමිය වන්නේ ගාල්ල මිටියාගොඩ ග්‍රාමය වීම
සුවිශේෂී වේ. මෙම සඳකැන් පාෂණයන් සුදු සහ
නිල් පෂණයන් ලෙස වර්ග දෙකක් දැකිය හැකිය.
සුදු සඳකැන් පෂණයන් ලෝකයේ අතලොස්සක් රටවල් අතර දැකිය හැකි වුවද නිල් සඳකැන්
පාෂාණ නිදන් ගත වූ එකම භුමිය වන්නේ ශ්‍රී ලංකාවයි. මෙම නිල් සඳකැන් පාෂාණ
දිප්ප්තියෙන් වැඩිය. මැණික් තරම් වටිනා කමින් නොමැති වුවද , ලංකාවට පමණක් ආවේණික මෙම දුර්ලභ සම්පත
ඉතා වටිනා පාෂණයකි. සෝඩියම්, පොටෑසියම්, සිලිකෙට් අන්තර්ගත මෙම පාෂාණය හමුවන්නේ ලෝකයෙන්ම හෙක්ටයාර හතරක් පමණ
වන කුඩා භුමි ප්‍රදේශයකිනි.
සඳුගේ
සඳ කිරණ එක මිටට මුදුන් වන මෙම ස්ථානය මිටියාගොඩ ග්‍රාමය නමින් වහරනු ලබන අතරම,
එම සඳ කිරණනින් මෙම පෂණයන් නිර්මාණය වන බව ජනවහරේ සඳහන්
කරුණකි. සඳකැන් පාෂාණ කැණීම් සිදු කිරම
සඳහා වෙනම පතල් නිර්මාණය විය. මීටර් 50-60
පොළොව යටට ගොස් එම කැණීම් කටයුතු සිදු කරන බව ද එය ඉතාම දුෂ්කර කාරයක් වන බවද එම ප්‍රදේශයේ ජනතාවගේ අදහස විය. පහල්ක් තුළ
20ක් 25ක් වැනි පතල්කරුවන් සංඛ්‍යාවක් කැණීම් සිදු කරන් අතර ඔවුන්ගේ ජිවිත නිරන්තර
අවධානමෙන් පසු වෙති. මන්ද යත් පතල් කැණීම් සිදු කිරීම ඉතා බැරෑරුම් කටයුත්තක් වන
හෙයිනි.
මෙම
පාෂණයන් භාවිතයෙන් විසිතුරු අභරණ තැනීම දැකිය හැකි අතර රන් රිදී ලෝහයන් යොදා
ගනිමින්ද අලංකාර වූ ආභරණ නිර්මාණය කිරීම දැකිය හැකිය. සංචාරක කර්මාන්තය වර්තමානය වන විට පුළුල් මට්ටමක පවතින නිසා
සඳකැන් පාෂාණ කරුවන් ගේ ඉලක්කය වන්නේ අන් කිසි වක් නොව විදෙශියක්න්ය. මෙහිදී
විදේශිකයන්ගේ අවධානය ද මේ පිළිබඳව යොමු වී
තිබීම දැකිය හැකිය. කෙසේ වෙතත් ලංකාවට පමණක් ආවේණික
මෙම සම්පත තව දුරටත් සංරක්ෂණය කළ යුතුව
ඇත.
Mata hariyatama dena ganna puluwnda galle wala idan meka balanna yanne khmada kiyala. Oyage post eka dekala ghn balanna hithuna. Address eka denna plz
ReplyDeleteGalle, meetiyagoda
ReplyDeletenice dr....
ReplyDeleteTnx dr
ReplyDeleteමේකේ පිටත සුදු,ඇතුළත කහ වර්න පාෂාණ තියනවද?
ReplyDelete